-
පාසලේ සිසු විනය නීති රීති පද්ධතිය හා ආචාර ධර්ම පද්ධතිය
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් පෙව 7.30 පෙර පාසලට පැමිණිය යුතුය.
- විශේෂ අවස්ථාවන් හීදි හා විවේක කාලයේදි හැර අනෙක් සෑම අවස්ථාවකදීම පාසල නිමා වන තුරු පන්ති කාමරයේ රෑදී සිටිය යුතුය.
- සීනුවට සෑම අවස්ථාවකදී අවනත විය යුතුය.
- විදුහල්පති තුමා ඇතුළු ආචාර මණ්ඩලයට හා ශිෂ්‍ය නායක මණ්ඩලයට අවානත විය යුතුය.
පාසල් විනය මණ්ඩලයේ අනුමැතියට යටත්ව නිල ඇදුම සකසා ගත යුතුය.
-
- වෙන් කර දී ඇති ස්ථාන පෙ.ව. 7:30 පෙර පිරිසිදු කළ යුතුය.
- පාසලට පිටතින් පැමිණෙන ආගන්තුකයින්ගේ ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කළ යුතුය.
- දිනපතා පාසල් පැමිණීම අනිවාර්ය වේ. පැමිණීමට නොහැකි අවස්ථාවල පන්ති භාර ගුරුතුමා හට හේතු ඉදිරිපත් කල යුතුය.
- ජංගම දුරකථන හෝ කැමරා පාසල් තුලට ගෙන ඒමෙන් වැළකිය යුතුය.
- අසභ්‍ය පොත් පත්ල සගරා,සීඩි පට,වීඩියෝ පට,පාසල තුලට ගෙන ඒමෙන් වැළකිය යුතුය.
- පාසල් කාලයෙන් බහැරව පාසල තුල අමතර පන්ති ඇති විට අදාල ගුරුභවතා මගින් විදුහල්පති දැනුවත් කළ යුතුය.
- පාසල සතු සම්පත් පාසල් කාලයේදිත් ඉන් පිටතදිත් ආරක්ෂා කිරීමට වග බලාගත් යුතුය.
- පාසල ආරම්භයේදීත් අවසානයේදිත් ආගමික වතාවන් සදහා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය.
- පාසල් භූමියේදීත් ඉන් පිටතදීත් මනා හික්මීමෙන් හා ආචාරශීලි බැවින් යුතුව පාසලේ අනන්‍යතාව සිරැකිය යුතුය.
- සෑම විටම තමාට පහළින් සිටින සහෝදර සහෝදරියන්ට ආදර්ශමත් අයුරින් හැසිරිය යුතුය.
- සිසුන් ප්‍රේම සම්බන්ධතා වලින් වැළකී සිටිය යුතු අතර එහිදී ඇතිවූ ගැටළු මත විනය මණ්ඩලය හා කළමනාකරන මණ්ඩලය පරිපාලනය ගන්නා වූ කවර තීරනවකට වුවද යටත් විය යුතුය.
- පාසල තුල සංවිධානය කරන උත්සව අවස්ථා වලදී විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ හා නිලධාරීන්ගේ දෙගුරුන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතුය.
- ඉහත කරුණු උල්ලංගණය වන සියලු අවස්ථා වලදී විනය මණ්ඩලය විසින් ගනු ලබන තීරණය අවසාන තීරනය වෙයි.
-
ගුරු හා කාර්ය්ය මණ්ඩලය සදහා වූ ආචාර ධර්ම පද්ධතිය
- විනය හා සංවර භාවය රැකෙන පරිදි සංස්තියට අනුකූලව පිරිසිදු හා චාම් ,පිලිව්ලකට සැකසූ ඇදුමින් සැරසී සිටීම.
- මත්පැන් හා මත් ද්‍රවය්‍ය භාවිතය දුම් පානය , බුලත් විට සැපීම වැනි අහිතකර පුරුදු හා විවිධ අපචාර වලින් වැලකී සිටීම. හා අන් අයට එසේ අනුබල දීම.
- පෞද්ගලික හා සමාජයීය හැසිරීම පිලිබදව අපකීර්තියට පත්වූ පුද්ගලයින් ආශ්‍රය නොකිරීම.
- තමන් ඇසුරු කරන ගුරුවරුන් සිසුන් හා අන් අය ඉදිරියේ තමන්ගේ ධනවත්කම පවුල් සම්බන්දතා හා උසස් නිලතල දරන පුද්ගලයින් ආශ්‍රය පිලිබද පුරසාරම් නොදෙවීම හා වෙනත් පුද්ගලයින් බිය වැද්දීමට හෝ ඔවුන්ට හානියක් සිදු කිරීමේ අදහසින් ප්‍රයෝජනයට නොගැනීම.
- තම පුද්ගලික ජීවන දර්ශනය හෝ ආගම දේශපාලන මතය ආදී කරුනු සම්බන්දව තම පුද්ගල මතවාද පිලිගැනීමට සිසුන් පෙලඹවීමෙන් වැලකීම.
- මතවාදී පුද්ගලයින් ඉදිරියේ අන්තවාදී නොවීම හා සමබර පුද්ගලයෙකු ලෙස මනාව හැසිරවීම.
- පන්ති කාමරයේ හා ඉන් බාහිරව සිසුන් සමග කටයුතු කරන අවස්තා වලදී ජංගම දුරකතන භාවිතයෙන් බැහැර වීම.
- සෑම විටම සමාජ සම්මතයන්ට ගරු කරමින් සිරිත් විරිත් ගති පැවතුම් ආරක්ශා කරමින් ආදර්ශ යක් වන පරිදි හැසිරීම.
- තම සිසුන්ට ඔවුන්ගේ නමින් හෝ දුව පුතා ලෙසින් පමණක් ඇමතීම.
- ශිෂය්යන්ට තිබිය හැකි දුබලතා හා ගැටලු සම්බන්දව සොයා බලා ගැටලු නිරාකරණ්යට පියවර ගැනීම.
- කිසි විටෙකත් ගුරු සිසු සම්බන්දතා අනිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීම හා සිසුන් අපචාරයට හා අපයෝජනයට ගොදුරු වීමට ඇති අවස්තා වලින් වලක්වා ගැනීම.
- තමන්ගේ වෘත්තිය පිලිබද අභිමානයකින් හා හැගීමකින් කටයුතු කිරීම.
- වෘත්තියේ ගෞරවයට හානි කර තත්වයන් වූ වහාම අදාල වෘත්තිය බලදාරීන්ට වාර්තා කිරීම.
- කලමණාකරණ උපදෙස් පිලිපැදීම හා ගැටලු සහිත අවස්තා වලදී ඒ සම්බන්දව සන්සුන්ව ප්‍රශ්න කිරීම.
- ගුරු හා කාර්ය්ය මණ්ඩලය සදහා වූ නීති මාලාව
- සුරාසැල් හා සූදු ක්‍රීඩා පැවැත් වෙන ස්තානයන්හි නොගැවසිය යුතුය.
- සූදුවට සුරාපානයට දුම්පානයට මත්ද්‍රවය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් ලෙස අපකීර්තියක් ලැබෙන අයුරින් නොසිටිය යුතුය.
- සෑම විටම සංවරව හැසිරිය යුතු අතර සතය්‍ය වචන කතා කල යුතුය.
- මුදල් පොලියට දීම ශරීර සෞඛය්‍යට හා සමාජ යන පැවැත්මට අහිතකර අන්දම් ජීවනෝපායන්හි හෝ ක්‍රියාවන්හි නොයෙදිය යුතුය.
- ශිෂයෙකුට හෝ ශිෂය්යාවකට ශිෂය්ය පිරිසකට විශේෂය්යත්වයක් දැක්වීම නොකල යුතුය
- පාසල තුලදී මෙන්ම පාසලෙන් භාහිරව ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලියේදි සිසුන්ගේ ආරක්ශාව පිලිබද සහතික විය යුතුය.
- තම වගකීම් ඉටු කිරීමට මනා ලෙස සදානම් විය යතුය.
- සු හෝ වක්‍රව සිය විෂයට හෝ පාඩමට ඇතුලත් කරුණු ශිෂය විනයට අදාල කරුණු හැර වෙනත් කරුණු සිසුන් සමග සාකච්ජා කිරීමෙන් වැලකීම.
- තම වෘත්තියේ භිමානය පලුදු වන ආකාරයේ ක්‍රියාවන් හි නොයෙදිය යුතුය.
- කලමණාකරන උපදෙස් පිලිපැදීම හා ගැටලු සහගත අවස්තා වලදී ඒ සම්බන්දයෙන් විධිමත්ව සන්සුන්ව ප්‍රශ්න කිරීම.
- තම වෘත්තිය ගරුත්වය ආරක්ශා වන පරිදි තම ආයතනයේ සංවර්ධනය උදෙසා කටයුතු කල යුතුය.
- තම පසලට සමාජයට රටට හ ජාතියට හිතයිෂී වීම හා එවැනි ශිෂය පරම්පරාක් ගොඩනැගීමට දායක වීම.
- තම ශිෂය්යන්ගේ අභිමානයට හා ආත්ම ගෞරවයට හානිවීමෙන් ඔවොන් තුල සෘනාත්මක ආකල්පයක් ඇතිවීමට හේතු වන අන්දමේ ප්‍රකාශයන් නොකල යුතුය.
- ජාතික ඒකාබද්දතාවය ඇති වන අයුරින් සිසුන් තුල යහපත් සිතුවිලි වගා කල යුතුය.

