වර්ෂ 1936 පෙබරවාරි 16 වන දින ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරව අලපොල වත්තේ සෝභිත නාහිමිගේ ප්‍රධානත්වයෙන් කන්දකැපුල්පත ගම්වාසීන්ගේ සහයෝගයෙන් පන්සල අසල තිබූ දිය උල්පත අසල පොල් අතු මඩුවක් ඉදි කර සිසුන් 20කගෙන් යුතු ව මෙම පාසල ආරම්භ කරන ලදි.
පාසල ආරම්භ කිරීමෙන් අනතුරුව එහි මුල් ගුරු වශයෙන් බෝගහකුඹුර මහතා කටයුතු කළ අතර ප්‍රදේශයේ වැඩිහිටි ජනතාවගේ ද සහයෝගයෙන් පාඨශාලාවේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ සංවර්ධන කටයුතු සිදු කළහ.පාඨශාලාවේ ඉදිකිරීමට කන්ඳක් කපා බිම් සැකසීමේදී මත වූ ජල උල්පත් හේතුකොටගෙන කන්දකැපුඋල්පත නමින් මෙම විදුහල ප්‍රසිද්ධියට පත් වූ බව ජනප්රවාදයේ සඳහන් වේ.
පසු කාලීනව එනම් 1956 බදුලු ඔය කොළනි ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ දැනට පාසල පවතින ස්ථානයේ අක්කර 08ක භූමි භාගයක් පාසල සඳහා වෙන් කර ලදී.මුල් අවදියේම ගොඩනැඟිලි 03කින් සමන්විත පාසල එවකට සිටි රජය මඟින් ඉදිකර දෙන ලදී. ඉන්පසුව 70 දශකයේ මුල් කාර්තු දෙක තුළදී දීර්ඝ වෙනසක් සිදු විය
ඉන් පසුව නොයෙක් බාධක මධ්‍යයේ වුවද විවිධ දක්ෂතා ඇති බුද්ධිමතුන් රටට දායාද කළ අතර වර්තමානයේ දී විවිධ ක්ෂේත්රයන් සඳහා දැන උගත් බුද්ධිමතුන් බිහිකරන ද්විතීක පාසලක් බවට පත්ව තිබේ.

