පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල
ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්
01.දිග කලිසම සදහා
-
10 ශ්‍රේණිය හා ඉහළ සියලු පිරිමි ළමයි දිග කලිසම ඇදිය යුතුය.
-
තනි සුදු රෙද්දෙන් පමණක් මසා ගත යුතුය.
-
කලිසමේ ඉන පටිය අඟල් 1,1/4 ට වඩා පළල නොවිය යුතු අතර එහි පුඩු නොයෙදිය යුතුය.
-
ඉන පටිය තද කරන හක් එක කලිසමේ හරි මැදට සවි නොකළ යුතුය.එය දකුණු පසට අඟල් 1,1/2 වන සේ සවි කිරීමට හැකිවන පරිදි සකස් විය යුතුය.
-
කලිසම ඉදිරිපස එක් පැත්තක රැලි දෙකට වඩා නොතිබිය යුතුය. එමෙන්ම රැලි නොමැතිව ඇඳීමට ඉඩ දෙනු නොලැබේ.
-
කලිසම දෙපැත්තේ සාක්කු අමතර විලාසිතා වලින් තොරව විය යුතු අතර කෙළින් හෝ තරමක් ඇලව මසා ගත යුතුය
-
පිටුපස සාක්කු එකක් පමණක් තිබිය යුතු අතර සාක්කු මැස්මක් නොතිබිය යුතුය.පැච් පොකට් ක්‍රමයට ඇඳීමට ඉඩ දෙනු නොලැබේ.
-
සීරුවෙන් සිටගත් විට කකුල් මේස් නොපෙනෙන පරිදි එහෙත් සපත්තු අඩියේ සිට අඟල් 1,1/2 පමණ වාටිය සිටින සේ මසා ඇඳිය යුතුය.
-
"ෆෝල්ඩර්" එක (Folder) තම සිරුරේ ප්‍රමාණය අනුව අඟල් 14-17 වන අයුරින් මසා ගත යුතුය.
-
ෆෝල්ඩ් එකේ වාටිය අඟල් 1,1/2 පළ්ලට නවා නූල් ඇද තිබිය යුතු අතර, වාටිය පිටට නවා හෝ කුඩාවට මසා ඇඳීමට ඉඩ දෙනු නොලැබේ.
02. කොට කලිසම සදහා
-
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පිරිමි ළමුන් කොට කලිසම් ඇඳිය යුතුය..
-
නිල් පාටින් පමණක් කොට කලිසම මසා ගත යුතුය.
-
1.3 සිට1,7 දක්වා සියලුම කරුණු කොට කලිසම සඳහා ද එලෙසින් ම බලපානු ඇත.
-
වාටිය අගල් 1,1/2පළලට ඇතුලට නවා නූල් ඇද මසා තිබිය යුතු අතර කලවයේ ප්‍රමාණයට වඩා විශාල ව හෝ තදට කලිසම් කකුල් මසා නොතිබිය යුතුය.
03.කමිසය
-
මෝස්තර රහිත තනි සුදු සාමාන්‍ය රෙද්දකින් මැසිය යුතුය.
-
සාමාන්‍යයෙන් කොලරය සහිත සුදු අත්කොට කමිස විය යුතුය.
-
කමිසය කලිසමට යට කර තිබිය යුතුය.
-
කමිසය යටින් අඳින බැනියම් අකුරු හෝ රූප නැති සුදු අත් රහිත බැනියම් විය යුතුය.
-
කමිසය ඇන්ද විට සිරුරට තද හෝ අනවශ්‍ය ප්‍රමාණයට වඩා හෝ නොවිය යුතුය.
-
කර පියව බොත්තම් හා ඊට පහළින් ඇති බොත්තම අතර දුර අඟල් 3ට වැඩි නොවිය යුතුය.
-
කමිසයට අනවශ්‍ය රැලි කිසිවක් නොයෙදිය යුතුය. කමිසය මත විද්‍යාලයීය නිල ලාංඡනය හැර කිසිදු ලේබලයක් නොවිය යුතුය.
-
සියලු මැහුම් සාමාන්‍ය මැස්මක් විය යුතු අතර, එහි කැපී පෙන්න ඉරි ආදිය යුග්ම මැස්ම (Double line) නොතිබිය යුතුය.
-
සාක්කුවේ දකුණු පස ඉහල කෙලවරේ නිල ලාංඡනය නොගැලවෙන සේ මසා තැබිය යුතුය..
04.පාවහන්
-
තද කළු පාට අමතර විලාසිතා නොමැති සරල, ලෙස් සහිත සම් පාවහන්(සපත්තු) පැලඳිය යුතුය.
-
මේස් කලු පාට විය යුතු අතර, මේස් උඩ කෙළවර ඉර සහිත ඒවා නොවිය යුතුය.
-
විවිධ මෝස්තරවලින් යුතු විවිධ ලාංඡන සවි කරන ලද පාවහන් නොපැලදිය යුතුය.
-
වළලුකර වැසෙන සේ (ඇන්කර් බූට්ස්) පැළඳීම සම්පූර්ණයෙන් තහනම් ය.
-
කකුලේ ආබාධයක් ඇති අවස්ථාවලදී පමණක් සෙරෙප්පු පැලදීමට අවසර ඇත.එහෙත් එවැනි අවස්තාවල පැලදිය යුත්තේ කලු පටි සහිත පිරිසිදු රබර් සෙරෙප්පු පමණී.
05.කොණ්ඩය හා රැවුල
-
විද්‍යාලයීය ශිෂ්‍ය භාවයට මනාව ගැළපෙන පරිදි කොණ්ඩය කොටට(අගලක් පමන) කපා බම්ප් ඇසට කෙලින් රොද තබා පීරා තිබිය යුතුය.
-
ප්‍රමාණවත් තරමට තෙල් ගා කොණ්ඩය පීරා තිබිය යුතු අතර, වෙනත් ආලේපන භාවිත නොකළ යුතුය.
-
රැවුල සම්පූර්ණයෙන්ම කැපිය යුතුය
ගැහැනු ළමුන්
01.ගවුම
- රැලි 6 යොදා ගවුම මැසිය යුතුය වාටිය දණහිස වැසෙන සේ තිබිය යුතුය.
- කොලරය නිසි පරිදි තිබිය යුතු අතර, ටයි පටිය ගැට ගැසූ පසු පසුපසින් එය වැසෙන පරිදි කොලරයේ අගල් 3ක් පමණ පළල විය යුතුය.
- ඉදිරිපස විවරය අඟල් 3-1/2 විය යුතුය.
- අත් කට උරහිස මතම නොවිය යුතුය ඒ කිසිවිටෙකත් උරහිසින් පහලට නොවැටිය යුතුය.
- අත් වල රැලි නොතිබිය යුතු අතර අතේ දිග වැලමිට සිට අඟල් 3ක් ඉහලින් විය යුතුය.
- ගවුමේ අත දිග විශාලත්වය අතේ ප්‍රමාණයට වඩා අගල් 1,1/2 ට වැඩි නොවිය යුතුය.
- පටියේ පළල අගල්1,1/2 විය යුතුය නියමිත පගවුමට සම්බන්ධ කර ටික් අල්ලා තිබිය යුතුය.
- ඉන වාටිය අවශ්‍ය පමණ වඩා ඉහළින් හෝ සිටින පරිදි මසා ඇඳීම තහනම් ය( ගවුමේ ඉන ඉනෙහිම විය යුතුය)
- සෑම ශිෂ්‍යාවක් ම විද්‍යාලයීය ටයි පටිය පැළඳිය යුතු අතර එය විදුහලට පැමිණ ආපසු නිවෙස වෙත යන තෙක්ම පැලැඳිය සිටිය යුතුය.
- කුඩා කරාබු දෙකක් හැර වෙනත් ආභරණ පැළඳීම ඉඩදෙනු නොලැබේ.
- ගවුමෙහි වම් පස පාසල් නිල ලාංඡනය ස්ථිර ලෙස මසාරිදි තිබිය යුතු ය.
02.පාවහන්
-
සුදු මේස් සහිතව සුදු පාවහන් පමණක් පැලඳිය යුතුය.
-
වළලූකර වැසි යන සපත්තු නො
පැළඳිය යුතුය.
-
මේස් දෙවරක් නවා තිබිය යුතුය
03.කොණ්ඩය
-
කන් නොවැසෙන සේ පීරා කරල් දෙකක් සේ ඉහළට කර කළු රිබන් වලින් බැඳිය යුතුය.
-
කොණ්ඩය කපා දික් වී ඇත්නම් පීරා කටුගසා රිබන් පටියකින් බැඳීම අවශ්‍ය වේ.
-
කිසිවිටෙකත් කොණ්ඩය නලලට වැටෙන සේ අවුල් වී හෝ නොතිබිය යුතුය.
-
කොට කොන්ඩය විවිධ විලාසිතාවන්ට අනුව නොකැපිය යුතුය.
-
එය සාමාන්‍ය අයුරින් ගවුමේ කොලරයට පෙනෙන තරමට කොටට කපා තිබිය යුතුය.

